වසර 12කට වරක් දැකබලා ගැනීමට ලැබෙන 'නෙළු මල්' මේ දිනවල හෝර්ටන් තැන්න උද්‍යානයේ පිපී තිබේ.
ලොව පුරා නෙළු ශාක විශේෂ 450ක් පමණ සමකය ආසන්න ආසියානු රටවල හා ඔස්ට්‍රේලියාවේ ව්‍යාප්තව පවතියි.
ඉන් විශේෂ 33ක් ශ්‍රී ලංකාවේ ඇති අතර, එයින්ද 27ක්ම ශ්‍රී ලංකාවට ආවේනික නෙළු විශේෂය.
එමෙන්ම ඉන් විශේෂ 8ක් හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට අයත් ප්‍රදේශයෙන් හදුනාගෙන ඇති බව පරිසරවේදීන් පෙන්වා දේ.
දශකයකටත් අධික කාලයකට පසු පිපී තිබෙන මෙම නෙළු මල් දැකබලා ගැනීම සඳහා දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් මේ දිනවල හෝර්ටන් තැන්න උද්‍යානයට පැමිණෙමින් සිටී.
කෙසේ වෙතත් එම සංචාරකයින් විශාල වශයෙන් නෙළු මල් හා ශාකවලට මෙන්ම ඒ අවට පරිසර පද්ධතියට ද හානි කර ඇති බව හෝර්ටන් තැන්න උද්‍යාන භාරකරු සිසිර රත්නායක මහතා පැවසීය.
ඒ අනුව හෝර්ටන්තැන්න උද්‍යානයේ පරිසරයට හානි සිදුවන ආකාරයෙන් කටයුතු කළ සංචාරකයන් 50කට වැඩි පිරිසකට ස්ථානීය දඩ නියම කර ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.
ඔහු පවසන්නේ මේ දිනවල උද්‍යානයේ පිපී තිබෙන නෙළු මල් නැරඹීම සඳහා පැමිණෙන ඇතැම් සංචාරකයින් දැඩි ලෙස පරිසරයට හානි වන ආකාරයෙන් කටයුතු කර ඇති බවය.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments