සිය නිෂ්පාදනවල මිල ගණන් අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ බව සමස්ත ලංකා බිඩි, සුරුට්ටු නිෂ්පාදකයන්ගේ සහ බිඩි කොළ, දුම්කොළ ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් එච්. අයි. විමලරත්න පවසනවා.
රට පුරා ව්‍යාජ බීඩි නිෂ්පාදකයන් සිටින බවත් නිත්‍යානුකූල නොවන අයුරින් ලබා ගන්නා අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන ඔවුන් අඩු මිලට බීඩි නිෂ්පාදනය කර වෙළෙඳ පොළට සපයන බවත් නමුත් රජයට නිසි ලෙස බදු ගෙවන්නේ තම සංගමයේ සාමාජිකයන් පමණක් බවත් ඔහු කියනවා.
එහෙයින් සුරා බදු දෙපාර්තමේන්තුව විසින් පනවා ඇති නියමිත බදු මුදල් නිසි පරිදි ගෙවීමක් මේ වනතුරු සිදු නොවන බවත් එහෙයින් රජයට නිසි පරිදි බදු මුදල් ගෙවීමේ අපේක්ෂාවෙන් සහ සුරා බදු දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳව නියාමනයක් ඇති කර ගැනීමට පහසුවක් වන පරිදි බීඩි මිල ඉහළ දැමූ බවද විමලරත්න මහතා සඳහන් කරනවා.
නව මිල සංශෝධනය අනුව අඟල් 2.5ක බීඩි පැකට්ටුවක මිල රුපියල් 6000ක් ලෙසත්, එක් බීඩියක මිල රුපියල් 15ක් ලෙසත් සංශෝධනය කර ඇති අතර අඟල් 2ක බීඩි පැකට්ටුවක මිල රුපියල් 5200ක් ලෙසත්, එක් බීඩියක මිල රුපියල් 13ක් ලෙසත් සංශෝධනය කර තිබෙනවා.
නීත්‍යානුකූල අමුද්‍රව්‍ය පමණක්ම යොදා ගනිමින් සහ රජයට ගෙවිය යුතු සුරා බදු මුදල් නිසි පරිදි ගෙවීම මෙම මිල ඉහළ දැමීමට ප්‍රධාන හේතුව බවද ලේකම්වරයා සඳහන් කරනවා.
සංශෝධිත මිලට පිටින් අලෙවි කරන සියලුම බීඩි නිෂ්පාදන නීත්‍යානුකූල නොවන අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කළ හෝ බදු පැහැර හැරි නිෂ්පාදන බවට සියලුම බීඩි අලෙවි කරන වෙළඳ සල් වෙත දැනුවකර කර ඇති බවද විමලරත්න මහතා පවසනවා.
එමෙන්ම, අඩු මිලට බීඩි අලෙවි කරන නිෂ්පාදකයන් නීතිය හමුවට පැමිණවීමට ඉඩ ඇති බවත්, නීත්‍යනුකූල බිල්පතක් නොමැතිව අඩු මිලට බීඩි මිලදී ගන්නා සිල්ලර වෙළඳුන් ද අපහසුතාවයට පත්විය හැකි බවත් ඔහු කියනවා. මේ හේතුවෙන් වෙළඳුන්ට නව මිල ගණන් යටතේම බීඩි මිලදී ගැනීම අනිවාර්ය බව ද එහෙතම පවසනවා.
මෙම මිල වැඩි කිරීම අදියර තුනකින් සිදු කිරීමට අපේක්ෂා කරන බව ද ලේකම්වරයා වැඩිදුරටත් දන්වා සිටිනවා.

Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments