Hot Posts

6/recent/ticker-posts

අවුරුදු 03 කුඩා දරුවා අපයෝජන කර මාමා අවසර 12කට හිරේට


බයිසිකල් පැදීමට රැගෙන ගිය තුන් හැවිරිදි දැරියට බරපතල ලිංගික අපයෝජනයක් කිරීමේ චෝදනාවන්ට වරදකරු කරු කළ 36 හැවිරිදි දැරියගේ මාමාට වසර 12 බරපතල වැඩ සහිත සිර දඬුවමක් හෝමාගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (03) නියම කළේය.

දැනට වයස අවුරුදු 46 වන හෝකන්දර උපදිංචි එක්දරු පියකුට මෙම සිර දඬුවම නියම කළ මහාධිකරණ විනිසුරුවරයා රුපියල් 25000ක දඩයක්ද නියම කළේය.

වයස අවුරුදු 3 නේදී අපයෝජනයට ලක්ව දැනට 13 වියැති අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ තුනක වන්දියක් නියම කළ අතර එම දඩ හා වන්දි නොගෙවන්නේ නම් වසර එකහමාරක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් හිම විය හිමි විය යුතු බවටද නියෝග කෙරිණි.

පැමිණිල්ල සාධාරණ සැකයින් ඔබ්බට ඔප්පු කර ඇති බවට සඳහන් කරමින් මෙම තීන්දුව නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරයා සැකකරුට පෙර වැරදි නොමැති වුව ද මෙවන් බරපතළ ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් ලිහිල් දඬුවමක් පැනවුවහොත් සමාජය අධිකරණය දෙස වැරදි විදියට බැලිය හැකි බවද පෙන්වා දුන්නේය.

2010 ජුලි මස 09 දිනි දින හෝ කන්දර දී වයස අවුරුදු 16ට අඩු දැරියට ලිංගික අපයෝජනයක් සිදු කිරීමට එරෙහිව මෙම නඩුව නීතිපතිවරයා විසින් ගොනුකොට තිබිණ.

1995 අංක 22, 1998 අංක 29 සහ 2006 අංක 16 දරන දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත මඟින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 365 (ආ) 2 (ආ) වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු බරපතල ලිංගික අපයෝජනය වරදක් සිදු කර ඇති බවට පැමිණිල්ලේ සාක්ෂි මතසධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවට තීන්දු කළ විනිසුරුවරයා මෙම දඬුවම් නියම කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජේෂ්ඨ නීතිඥ ශයිනි වීරසූරිය මහත්මිය පෙනී සිටියාය.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments