Hot Posts

6/recent/ticker-posts

ඇල්කඩුවේ දිය ඇල්ලකින් ඇදවැටුණු පාසල් සිසුවා මරුට


මාතලේ ඇල්කඩුව හුන්නස්ගිරිය වත්තේ දිය ඇල්ලක දිය නෑමට ගොස් එම ඇල්ලෙන් ඇද වැටුණු 19 හැවිරිදි පාසල් සිසුවකු මිය‍ගොස් තවත් සිසුන් දෙදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව කන්දේනුවර පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මහනුවර සුමංගල විද්‍යාලයේ  උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයකු බව ද පොලිසිය සඳහන් කරනවා.

මෙම අනතුරින් තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කර ඇති සිසුන් දෙදෙනා ද එම පාසලේම උසස් පෙළ සිසුන් දෙදෙනකු බවද පොලිසිය පැවසුවා.

ඔවුන් තිදෙනා වත්තේගම මීගම්මන පදිංචි අයවලුන් බව ද පොලිසිය සඳහන් කරනවා.

මෙම සිසුන් තිදෙනා තවත් මිතුරකු සමඟ  මාතලේ හුන්නස්ගිරිය වත්තේ  දිය ඇල්ලක දිය නෑමට ගොස් තිබුණේ අද (12) සවස තුනට පමණ බව වාර්තා වෙනවා.

මෙම පාසල් සිසුන් තිදෙනා සමඟ පැමිණ ඇති අනෙක් තරුණයා රැකියාවක් කරන අයකු බව ද පොලිසිය පවසනවා.

ඔවුන් සිව්දෙනා යතුරුපැදි දෙකකින් මෙම ගමන ගොස් තිබූ බවත් ඔවුන් ඇල්ල මතට නගින්නට ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.

ඔවුන් නිවෙස්වලින් මෙම ගමන ඇවිත් තිබුණේ අද (12) දහවල් දොළහට පමණ බවට අනතුරට ලක් නොවූ තරුණයා පොලිසියට සඳහන් කර තිබුණා.

මෙම ස්ථානය ගල් සහිත ලිස්සන සුළු ස්ථානයක් බවත් මොවුන් ගල මුඳුනට නැග ඇති බවට කරුණු හෙළිවන බවත් පොලිසිය පවසනවා. 

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments