Hot Posts

6/recent/ticker-posts

එකම නිවසක් තිදෙනකුට විකිණීමට ඔප්පු ලියු නොතාරිස් පොලිස් දැලේ


කොල්ලුපිටිය මහල් නිවාස සංකීර්ණයක එකම නිවසක් අවස්ථා තුනකදී පුද්ගලයන් තිදෙනෙකුට විකිණීමට ඔප්පු සකස් කළ බවට කොල්ලුපිටිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් නොතාරිස්වරයා ලබන 15 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (09) නියෝග කළා.

සැකකාර නොතාරිස්වරයා වෙනුවෙන් සිදු කළ ඇප ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ කොළඹ 04 පිහිටි STN Star Property pvt ltd නිවාස සංකීර්ණයේ නිවසක් විකිණිමට ආධාර අනුබල දුන් බව කියන වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි නොතාරිස්වරයෙකි.

නොතාරිස්වරයා මුළු ගිවිසුම අවලංගු නොකර වරින් වර මෙම පුද්ගලයන් තිදෙනාට නිවාස ඒකක විකුණා ඇති බවට කොල්ලුපිටිය පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පැවසුවා.


රුපියල් මිලියන 103ක් ලබා ගෙන නිවාස ඒකකයක් දෙන බව පවසමින් වංචා කළ බවට ලැබුණු පැමිණිල්ලක් අනුව විමර්ශන වලින් අනාවරණය කර ඇතැයි පැවසු පොලිසිය සැකකරු ඇප මත මුදා හැරියහොත් සාක්ෂිකරුවන්ට බලපෑම් කළ හැකි බව අධිකරණය හමුවේ දන්වා සිටියා.


එසේම අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දක්වමින් වටිනා වෘත්තියක් නියෝජනය කරන නොතාරිස්වරයෙක් වන සැකකරු මෙලෙස කටයුතු කිරිමෙන් ඔහු ගැන විශ්වාසයෙන් මෙම පුද්ගලයන් කටයුතු කර ඇති බවය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments