Hot Posts

6/recent/ticker-posts

පුතාට වෙඩි තියන්න ආ පියා අත්අඩංගුවට


සිය පුත්‍රයාට පිස්තෝලයකින් වෙඩි තැබීමට උත්සහා කළ පියෙකු ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පිස්තෝලයක් අතැතිව පුද්ගලයෙකු සිටින බවට ආරච්චිකට්ටුව පොලිසියට ලද දුරකතන ඇමතුමකට අනුව සිදු කළ පරීක්ෂාවකදී අදාළ පුද්ගලයා පිස්තෝලය ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා මීට වසර තිස් පහකට පමණ පෙර සිය පවුල අතහැර වෙනත් ප්‍රදේශයකට පදිංචියට ගොස් ඇති අතර ඒ වන විට ඔහුගේ පුත්‍රයාට වයස අවුරුදු හතරක් වන බව වාර්තා වේ.

කෙසේවෙතත් වෙඩි තැබීමට උත්සහා කළ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

පොලීසිය විසින් සිය භාරයට ගත් අදාළ පිස්තෝලය මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් වන අතර එය මීට වසර 15කට පමණ පෙර ආරච්චිකට්ටුව ප්‍රදේශයේ සිටි දාමරිකයෙකු විසින් තමාට ලබා දුන් එකක් බව සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ගිනිඅවිය හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments