ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine) මහතා අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (23) සිදු විය.
මෙහිදී නව සීලන්ත මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ දූෂණය පිටුදැකීමට අරගල කරන වත්මන් රජයේ විනිවිදභාවයෙන් යුතු වැඩපිළිවෙල තම රට අගය කරන බවයි. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ වර්ධනයටත්, සංස්කෘතික කටයුතු පුනරුදයටත්, තිරසර සංචාරක කර්මාන්තය සඳහාත් දායකත්වය ලබාදිය හැකි බව ද මහ කොමසාරිස්වරයා කීය.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා කීවේ දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා වත්මන් රජය යටතේ අඛණ්ඩව පවත්වා ගෙන යාමට ඉතා සමීපව ක්‍රියා කරන බවයි.

0 Comments