Hot Posts

6/recent/ticker-posts

රෝහල් රාජකාරියට බාධා කළ වෛද්‍යවරයා අත්අඩංගුවට


කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා වන අයුරින් හැසිරුණ බව කියන එම තෙල්දෙණිය රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට සහ රෝහලේම වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසිය කියයි.

තෙල්දෙණිය රෝහලේ වෛද්‍ය අධිකාරි සුනිල් සෙනරත් යාපා මහතා විසින් පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව එම වෛද්‍යවරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

රෝහල් කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා වන අයුරින් හැසිරීම සහ තර්ජනය කිරීම යන චෝදනා පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි. සැකපිට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා මීට පෙරදීද රෝහල් කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා වන අයුරින් හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස්ව ඇති අයෙකු බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් වෛද්‍යවරයා අද (10) තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments