තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කෙරුණු අයෙකුගේ මළ සිරුරක් ඊයේ (8) රාත්‍රී ඇල්පිටිය ගනේගොඩ, ගොළුවාමුල්ල, ඉඹුලපිටිය පාළු නිවසක තිබී සොයාගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.
ඝාතනයට ලක්ව ඇත්තේ ඉඹුලපිටිය පදිංචි තිස්පස් හැවිරිදි පිටුවල කංකානම්ගේ දොන් දුමින්ද අල්විස් නමැත්තෙක්ගේ බවද පොලීසිය කියයි.
මේ පුද්ගලයා ඝාතනය කළේ යයි කියන සැකකරු භාර වීමෙන් පසු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි. අනියම් සබදතාවක් මත මෙම ඝාතනය සිදුව ඇතැයි විමර්ශන වලදී අනාවරනය වී ඇතැයි පොලීසිය කීවේය.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments