Hot Posts

6/recent/ticker-posts

ගුවන්තොටුපොළින් මතු වුණ සර්පයින් මෙන්න


වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ වගන්ති සහ සයිටිස් (CITES) සම්මුතියේ වගන්ති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස සර්පයන් 06 දෙනෙකු රැගෙන විත්, කටුනායක ගුවන් තොටු පොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගී කාන්තාවක් ඊයේ (11) රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සහ ජෛව විවිධත්ව සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ලැබී තිබූ බුද්ධි තොරතුරු මත අත් අඩංගුවට ගෙන තිබේ.

ඇය කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි.
ඇය මෙම සර්පයන් තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණ, එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.- 1173 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටු පොළ වෙත පැමිණ තිබුණි

ඇය විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ සූක්ෂම ලෙස මෙම සර්පයන් ඔතා සගවා ගෙන තිබුණි කහ ඇනකොන්ඩා ( Yellow Anaconda), (Ball Python),
ස්පෙකල්ඩ් කින්ග් ස්නේක් (Speckled King Snake) සහ හොන්ඩියුරානු කිරි සප්පයා (Honduran Milk Snake) යන වර්ග වල සර්පයන් 06 දෙනෙකු මෙම කාන්තාව විසින් රැගෙන විත් තිබුණි.
මෙම සර්පයන් අලෙවි කිරීම සදහා ඇය රැගෙන විත් තිබූ අතර, ඔවුන් මිළදී ගෙන මද කළක් ගිය පසු විශාල ශරීර ඇති සර්පයන් බවට පත් වීමත් සමගම, ඔවුන් තවදුරටත් සිය නිවෙස් වල තබා ගැනීමට අසීරු වීම නිසා, මෙරට වනාන්තර සහිත ප්‍රදේශ වෙත මුදා හැරීම සිදු කිරීම නිසා මෙරට පරිසර පද්ධතියට දැඩි අහිතකර බලපෑමක් ඇති වන බව රේගු නිලධාරීහු පැවසූහ.

එසේම ගුවන් යානයක් තුළ මෙවැනි ජීවී සතුන් රැගෙන ඒම නීති විරෝධී මෙන්ම අතිශය අනතුරුදායක ක්‍රියාවක් වන අතර, මේ පිළිබද ඉන්ඩිගෝ ගුවන් සේවයේ නිලධාරීන් රේගු පරිශ්‍රය වෙත කැදවා දැඩි ලෙස අවවාද කර, රේගු විමර්ශන වලින් පසුව මෙම සර්පයන් ආපසු රැගෙන යන ( Re Export ) ලෙසද රේගු නිලධාරීහු නියෝග කළහ.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට විශාල වශයෙන් ගෘහාශ්‍රිතව සර්පයන් ඇති කිරීම සිදු වන අතර, ඔවුන්ගේ ආහාර පිණිස සුදු පැහැති කුඩා මීයන් විශේෂයක් ද, විශාල වශයෙන් මෙරටට ආනයනය කෙරෙමින් පවතින බව රේගු නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇති බවද රේගු නිලධාරීහු වැඩිදුරටත් පැවසීය.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments