ආන්තරාදායක ලෙස අමතර කොටස් සවිකර ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් හෙට සිට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඝෝෂාකාරී විවිධ නාද රටා, නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවනය යනාදිය පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමුකරන බවය.
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේදි බස් රථයක් ඉදිරියෙන් පැමිණි සුඛෝපභෝගී ජීප් රථයක පිටුපස ගැටී මාර්ගයේ ආරක්ෂිත යකඩ වැටද කඩාගෙන අඩි 1000ක් පමණ පහළ ප්‍රපාතයට පෙරළී ගියේ ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේදිය.
මෙලෙස අනතුරට ලක් වුයේ තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් හා ඔවුන්ගේ ඥාතීන් ඇතුළු 32 දෙනෙකු රැගෙන විනෝද චාරිකාවක ගිය බස් රථයකි.
අනතුරින් 15 දෙනෙකුට දිවි අහිමි වූ අතර බස් රථයේ සිටි 17 දෙනෙකු තුවාල සිදු විය.
අනතුරට ලක්වූ පිරිස බේරා ගැනීමට ඉදිරිපත්වූ දෙනෙකුද මෙහිදී තුවාල ලබා තිබුණි.
තුවාල ලැබූ පිරිසෙන් 13 දෙනෙකු තවදුරටත් බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන් අතර අනතුරට ලක්වූ පුද්ගලයින් බේරා ගැනීමට පළමුව ඉදිරිපත්වූ යුධ හමුදා විශේෂ බලකායේ නිලධාරියාද සිටී.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected automatically, click here.

0 Comments