ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක සහ පුද්ගලික බස් රථයක රියදුරු කොන්දොස්තරවරුන් අතර අලවතුගොඩ නගරයේදී ඇති වූ බව කියන ගැටුමකදී බස් රථවල සිටි මගීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලිසිය කියයි.
ගලේවෙල සිට මහනුවර දිසාවට ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ අලවතුගොඩ සිට මහනුවර දිශාවට ගමන් කරමින් තිබූ බස් රථ දෙකක රියදුරු කොන්දොස්තර වරුන් අතර මෙම ගැටුම ඇති වී ඇති අතර එම ගැටුම නිරාකරණය කිරීම සඳහා මැදිහත්කරුවන් ලෙස බස් රථ දෙකේ මගින්ද එක් වී ඇති බව පොලිසිය කියයි.
තුවාලකරුවන් අතර රාජකාරි නිමාකොට පුද්ගලික බස් රථයේ ගමන් කරමින් සිටි අලවතුගොඩ පොලීසියේ පොලිස් නිලධාරියකුද සිටින අතර අනෙක් පුද්ගලයා සිවිල් පුද්ගලයෙකි.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected automatically, click here.

0 Comments