Hot Posts

6/recent/ticker-posts

තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කරයි


මීරිගම පොලිස් වසමේ රේන්දපොල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබේ.

ඊයේ (18) එම කාන්තාව මෙලෙස ඝාතනය කර ඇත්තේ ඇයගේ සැමියා විසින් බව සඳහන්ය. 

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 33ක රේන්දපොල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ කාන්තාව සමග ඇති කරගත් පවුල් ආරඅවුලක් හේතුවෙන් මෙලෙස ඝාතනය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මීරිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments