Hot Posts

6/recent/ticker-posts

සිසුවියක් ගෑස් ලොරියකට බිලිවේ


පස්යාල ගිරිඋල්ල මාර්ගයේ මීරිගම ජාතික පාසල ආසන්නයේදී ගෑස් ප්‍රවාහනය කරන රථයක යතුරු පැදියක් ගැටීමෙන් බරපතල තුවාල ලැබූ පාසල් ශිෂ්‍යාවක අද (23) දහවල් මීරිගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි මීරිගම පොලිසිය කියයි

මෙසේ මියගොස් ඇත්තේ මීරිගම ඩී.එස්.සේනානායක ජාතික පාසලේ උසස් පෙළ පංතියක ඉගෙනුම ලබන, නිට්ටඹුව නවගමුවේ පදිංචිකාරියක වන කේ. කේ. ක්‍රිෂානි ශනායා (17) නැමැති තරුණියකි.

පාසල අවසන් වීමෙන් පසු ප්‍රධාන මාර්ගයට පැමිණි පාසල් ශිෂ්‍යාව ප්‍රධාන මාර්ගයේ මීරිගම දෙසට නවතා තිබූ යතුරු පැදියකට ගොඩ වී ඇතැයිද ඒ අවස්ථාවේ පැදිකරු යතුරු පැදිය පණ ගන්වා පස්යාල දෙසට ගමන් කිරීම සඳහා ආපසු හැරවීමේදී මෙම අනතුර සිදුවී ඇතැයි හෙළි වූ බව පොලිසිය සඳහන් කරයි. ගෑස් පුවාහන රථය යතුරු පැදියේ ගැටීමක් සමග විසි වී ගිය පාසල් ශිෂ්‍යාව එහි රෝදයකට අසු වූ බවට සලකුණු ඇතැයි පොලිසිය සඳහන් කරයි. යතුරුපැදිය පැදවූ තරුණයා අනූ නමයෙන් බේරී ඇති අතර තුවාලකාරිය මීරිගම රෝහලට ඇතුළත් කිරීමේදී මරණයට පත්වූ බව හෙළි වූ බවද පොලිසිය සඳහන් කරයි.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments