රුපියල් මිලියන 85ක් වටිනා කුෂ් කිලෝග්‍රෑම් 8.542ක් නීති විරෝධීව රැගෙන යාමට උත්සාහ කළ ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අද (13) දින උදෑසන 09.45 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ යළිත් ඉන්දියාවේ මදුරෙයි වෙත පිටත්ව යාම සදහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානය පැමිණෙන තෙක් ගුවන් තොටුපොළ සංක්‍රමණික මගී රැදී සිටි තිබේ.
එහිදී ඔහුගේ ගමන් මලු ශ්‍රී ලංකන් ගුවන් සේවා නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍ර පරීක්ෂාවකට ලක් කිරීමේ දී එහි සැක කටයුතු යමක් ඇති බව දර්ශනය වීමත් සමග ඒ අසළ සේවයේ නිරත වී සිටි
"රැන්ඩි'' නැමති පොලිස් නිල සුනඛයා එම ගමන් මල්ල ඉව කර එහි මත්ද්‍රව්‍ය තොගයක් ඇති බවට සංඥා කර ඇත.
ඒ අනුව මෙම ඉන්දීය ජාතිකයා අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී , ඔහුගේ ගමන් මල්ල තුළ පැකැට් 16 ලෙස සකස් කර ඇසුරුම් කළ " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 08 යි ග්‍රෑම් 542 ක් සගවා ගෙන තිබියදී සොයා ගැනීමට හැකි වී තිබේ.
මෙම ගුවන් මගියා සහ ඔහු රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය හෙට (14) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මූලස්ථානය වෙත භාර දීමට නියමිතය.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments