Hot Posts

6/recent/ticker-posts

මේ වසරේ ගතවූ කාලය තුළ මාරක අනතුරු 1,757ක් - මරණ 1,870ක්


මෙම වසරේ ජනවාරි පළමු වනදා සිට සැප්තැම්බර් 04 වනදා දක්වා කාලය තුළ සිදුවු මාරක රිය අනතුරු 1,757කින් පුද්ගලයින් 1,870 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ඒ බව සඳහන් කළේය.

"දිනකට 07 දෙනෙක් 08 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වෙනවා විශේෂයෙන්ම මේ මාරක රිය අනතුරුවලින්. දැන් 2025 වසරේ ජනවාරි 01 වනදා සිට සැප්තැම්බර් 04 වනදා දක්වා මාරක රිය අනතුරු 1,757කින් 1,870 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. ඒ නිසා මාර්ගය භාවිතාකරන රියදුරු මහතුන්, පැදිකරුවන්, පදිකයින් සහ මගීන් කියන සියලුමදෙනාම මාර්ග නීතිවලට අවනත වෙලා මාර්ග සංඥාවලට අවනතවෙලා ස්වයං පාලනයකින් කටයුතු කළ යුතුයි."

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments