Hot Posts

6/recent/ticker-posts

ඇමති බිමල් හෙළිකරන අධිවේගී මාර්ග සංවර්ධන සැලැස්ම මෙන්න..


2028 වර්ෂය වන විට කඩවත සිට මීරිගම දක්වා වූ අධිවේගී මාර්ගය සාදා නිමකිරීමට පෙර පොතුහැර සිට රඹුක්කන දක්වා වූ අධිවේගී මාර්ගයේ වැඩකටයුතු සම්පූර්ණ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ යළි ඉදිකිරීම් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් 2028 වන විට මාස 32ක කාලයකින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවය.

ඒ අනුව පොතුහැර සිට රඹුක්කන දක්වා වූ කොටසෙහි ඉදිකිරීම් 2028 අප්‍රේල් මස සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර නිමකරන බවත් රඹුක්කන ආශ්‍රිත සෙසු මාර්ග ද ඒ අනුව සංවර්ධනය කරන බවත්ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"ඊළගට අපි බලාපොරොත්තු වෙනවා බොහෝ දුරට මේ වසර තුළදී අපිට අනුමැතිය ලැබෙයි කියලා රඹුක්කන ඉඳලා ගලගෙදර දක්වා අධිවේගී මාර්ගය ඉදිකිරීම් කටයුතු පටන් ගන්න.මේ වෙනකොට අපි RD එක පැත්තෙන් ඊට අදාළ සියලුම ඩිසයින් ඊට අදාළ දේවල් පටන් අරගෙන සැලසුම් කරගෙන තිබෙන නිසා.

වරාය පිවිසුම් මාර්ගය තියෙනවා. ඒකත් සැලකිය යුතු ගැටලු තියෙන මාර්ගයක්. 98% හදලා ඉවරයි. නමුත් තව 2%ක් තියෙනවා. 2% අවුරුදු දෙකක් තිස්සේ ඇදෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒකත් ලබන වසර මැද වෙනකොට සම්පූර්ණ කරන්න.

ඊළඟට අපි ළඟදී ජනාධිපතිතුමා සමඟ කරපු සාකච්ඡාවෙදී එකඟතාවයට පැමිණියා රුවන්පුර අධිවේගී මාර්ගය රත්නපුරේ ඉදලා පැල්මඩුල්ල දක්වා කොළඹ ඉඳලා යන්න තියෙන අධිවේගී මාර්ගය නතර කරලා තිබුණේ. දැනට අපිට අවසර ලැබිලා තියෙනවා ආණ්ඩුවෙන් රුවන්පුර අධිවේගී මාර්ගය අපි ඉංගිරිය දක්වා අපි ඉදීකිරීම් කටයුතු කරන්න. ඒකට අදාළ මූලික දේවල් අපි පටන් ගන්න බලාපොරොත්තු වෙනවා ඉතාම ඉක්මනින්. ඒ වගේම ඉංගිරිය ඉඳලා රත්නපුර දක්වා ඒ ප්‍රදේශයේ තිබෙන පාරවල් අපි පුළුල් කරන්නත් අපි සැලසුම් කරලා තියෙනවා."

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments