Hot Posts

6/recent/ticker-posts

බස් අනතුරෙන් ජීවිත අහිමි වූ තංගල්ලේ පිරිස ගැන මහින්ද කියූ දේ..


මුළු රටේ ම ජනතාව සංවේගයට පත් කළ ඇල්ල බස් අනතුරට මුහුණ දුන් ජනතාව වෙනුවෙන් අතිශය කණගාටුවට පත්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව පවසන්නේ සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

හිටපු ජනාධිපතිවරයා මෙසේද කියයි.

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ඊයේ රාත්‍රියේ (04) සිදුව ඇති බස් රථ අනතුර පිළිබඳව අසා බෙහෙවින් කම්පාවට සහ ශෝකයට පත් වූයෙමි. තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණ, නැවත යමින් සිටිය දී රාවණා ඇල්ල ප්‍රදේශයේ සිදුව ඇති මෙම අනතුර හේතුවෙන් තංගල්ල නගර සභාවේ ලේකම් වන ටී. ඩබ්ලිව්. කේ. රූපසේන මහතා ඇතුළු තවත් පිරිසකගේ ජීවිත රැසක් අහිමි ව ඇති බවත්, තවත් බහුතරයක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ. මුළු රටේ ම ජනතාව සංවේගයට පත් කළ මෙම අනතුර මාගේ ගම් පළාතවන තංගල්ල ප්‍රදේශයේ සැමට අතිශය කණගාටුදායක කරුණක් බව මම දනිමි.

ඉතා අනතුරු දායක පරිසරයක් තුළ ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් කඹ ආධාරයෙන් ප්‍රපාතයට බසිමින් ජීවිත බේරා ගැනීමට කටයුතු කළ විශේෂයෙන්ම තරුණ දරුවන් ඇතුළු ප්‍රදේශ වාසීන්, පොලිස්සිය ඇතුළු යුද හා ගුවන් හමුදා නිල දරුවන්, ගිනි නිවීමේ ඒකක නිලධරයන්, වෛද්‍ය කණ්ඩායම් ඇතුළු සැමට මාගේ ස්තුති පූර්වක ආචාරය පුද කරමි. බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය ද මේ අවස්ථාවේ සිහිපත් කරමි.

මෙම ඛේදනීය අනතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සැමට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් තංගල්ල නගර සභාවේ කාර්ය මණ්ඩලයේ පවුල්වල පිරිස ඇතුළු සියලු දෙනාට මාගේ බලවත් කනගාටුව පළ කරමි. බස් රථ අනතුරින් තුවාල ලැබූ සැමට ද, විපතට පත් පිරිස බේරා ගැනීමට යාමේදී තුවාල ලබා ප්‍රතිකාර ගනු ලබන ආදරණීය මිනිසුන්ට ද ඉක්මන් සුවය ලැබේවා යන්න අප සැමගේ ප්‍රාර්ථනයයි.

#ella #ellabusaccident #ceylonlens

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments