Hot Posts

6/recent/ticker-posts

සෞඛ්‍ය අංශයේ ලොකු වෙනසක් ඉදිරියට


රෝහල්වල අතරමඟ නවතා ඇති ඉදිකිරීම් සහ සංවර්ධන ව්‍යාපෘති ඉදිරි වසර 02 තුළ අවසන් කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඒ සඳහා රුපියල් බිලියන 45ක මුදලක් අවශ්‍ය වන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

නැගෙනහිර පළාතේ අම්පාර සහ කල්මුණේ සෞඛ්‍ය සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ වන ප්‍රකාශ කළ බවයි එම අමාත්‍යංශය සඳහන් කළේය.

එමෙන්ම සෞඛ්‍ය කාර්යය සහයකයින් 1,900 දෙනෙකු ඉදිරි මාස 02 තුළ බඳවා ගැනීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදි සඳහන් කර තිබේ.

එමෙන්ම ක්ෂේත්‍ර රාජකාරිවල නිරත සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සඳහා යතුරුපැදි ලබාදීමේ වැඩපිළිවෙලක් ද ලබන අප්‍රේල් මස වන විට ආරම්භ කළ හැකි බව ද අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් සඳහන් කළේය.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments