රතු නිවේදන සහිත සිටි ශ්‍රී ලාංකික පාතාල සාමාජිකයින් 15 දෙනෙකු රුසියාව, ඕමානය, ඩුබායි සහ ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇත.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.
ඒ අනුව එම පාතාල සාමාජිකයින් ඒ ඒ රටවල නීතිමය කටයුතු අවසන් වූ වහාම ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
තවදුරටත් අදහස් දැක් වූ ආනන්ද විජේපාල මහතා,
" 2025.01.01 සිට මේ දක්වා විදේශගතව සැඟවී සිටි සංවිධානාත්මක අපරාධකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් තිබෙනවා.
මේ වසරේ ජනවාරි සිට 2025.09.10 දින දක්වා සංවිධානාත්මක අපරාධ 105ක් වාර්තා වී තිබෙනවා. එම සිදුවීම් සම්බන්ධයෙන් වෙඩික්කරුවන් 33ක්, පැදිකරුවන් 24ක් සහ අනුබලදීම මත සැකකරුවන් 265ක් ලෙස මුළු සැකකරුවන් 322ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජනවාරි සිට මේ දක්වා T56 ගිනිඅවි 58ක්, පිස්තෝල අවි 61ක්, රිවෝල්වර් 40ක් බෝර 12 අවි 169ක්, ගල්කටස් 33ක්, රිපීටර් 6ක්, බෙහෙත් කොටන අවි සහ වෙනත් අවි 1331ක් ලෙස මුළු අවි 1698ක් අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවන් නීතියෙන් වසන්වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉතාලිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඩුබායි, ඉන්දුනීසියාව, කැනඩාව, රුසියාව, ඕමානය සහ ඉන්දියාව වැනි රටවල සැඟවී සිටින බවට තොරතුරු අනාවරණය වෙනවා.
මේ වනවිට විදේශගතව සැඟවී සිටින ප්‍රධාන පෙළේ අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වශයෙන් හඳුනාගෙන ඇති රතු නිවේදන නිකුත් කරන ලද පුද්ගලයින් 15 දෙනෙකු මේ වනවිට රුසියාව, ඕමානය, ඩුබායි, ඉන්දියාව මගින් අත්අඩංගුවට අරගෙන තිබෙනවා" යැයි පැවසීය.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments