Hot Posts

6/recent/ticker-posts

සබරගමු පළාත් හිටපු ඇමති රිමාන්ඩ්


රුපියල් කෝටි හතක රාජ්‍ය මුදලක් වංචනිකව පරිහරණය කිරිම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සබරගමු පළාත් සභාවේ පළාත් මාර්ග සංවර්ධන ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක, ක්‍රීඩා හා යෞවන කටයුතු හිටපු අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ ඔක්තෝම්බර් මස 02 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් නිළිණ මහේෂ් පීරිස් මහතා අද නියෝග කළේය.

ලෙල්ලොපිටිය, වැලිමලුව හන්දිය, ගෝණ කුඹුර යන ලිපිනයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂා කිරීමේදී නීතීඥයකු මාර්ගයෙන් මුල්‍ය හා අපරාධ විමර්ශන අංශ 03 වෙත ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගත්තේය.

සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙනෙනු ලැබීය.

සබරගමු පළාත් මාර්ග අමාතයාංශය මගින් 2016-2017 වර්ෂවල වෙන් කරන ලද මුදල් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව ක්‍රියාකාරී ආයතනය ලෙස තෝරාගනිමින් සිදු කරන ලද ව්‍යාපෘති 77 කට අදාලව ව්‍යාපෘති සිදු නොකර රුපියල් 7,16,45,226.32ක මුදලක් සම්බන්ධයෙන් රජයට පාඩුවන අන්දමින් කටයුතු කරමින් කුමන්ත්‍රණය කිරිම මගින් පොදු දේපල පනතේ 5 -1 සමග කියවිය යුතු ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනතේ 386, 389 සහ 400 සහ ලංකා දණ්ඩ නිති සංග්‍රහ පනතේ 102 සහ 113 (අ) යන වරදවල් කර ඇති බවට සැක කරන නිසා හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගත් බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූහ.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments