දෙහිවල ද අල්විස් පාරේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකින් ඇඳවැටී මිය ගිය බවට සැක කෙරෙන විදේශීය ජාතිකයෙකුගේ මළසිරුරක් අද (18) හමු වූ බව දෙහිවල පොලීසිය කියයි.
දෙහිවල පොලිස් ස්ථානයට ලද දුරකථන පණිවිඩයකට අනුව එම ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙයි පිටුපස තිබිය දී මෙම මළසිරුර සොයාගත් බව පොලීසිය පැවසිය.
මෙරට පුද්ගලික අංශයේ රැකියාවන්හි නියුතු චීන හා මියන්මාර් ජාතිකයින් පිරිසක් මෙම නිවසට යාබදව පිහිටි මහල් එකොලහකින් යුත් නිවාස සංකීර්ණයේ 10 වන මහලේ රැදී සිටින අතර අදාළ පුද්ගලයා එහි ඉහළ මහලක සිට ඇඳ වැටී ඇති බවට පොලීසිය සැක කරයි.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments