Hot Posts

6/recent/ticker-posts

මව සහ පුතා ඝාතන සැකකරු මෙන්න


මවක හා පුතෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු හඳුනාගත් බව කරන්දෙණිය පොලීසිය පවසයි. 

ඊයේ (11) සවස් කාලයේ කරන්දෙණිය පොලිස් වසමේ කැබැල්ලගොඩ ප්‍රදේශයේදී මෙලෙස කාන්තාවකට හා පිරිමි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණි.

ඝාතනයට ලක්වී තිබුණේ වයස අවුරුදු 74ක් සහ වයස අවුරුදු 25ක් වූ කොටවෙල, කරණ්දෙනිය ප්‍රදේශයේ පදිංචි මව හා පුත්‍රයා බව පොලීසිය පැවසීය.

මෘතශරීර ඇල්පිටිය රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත.

ඝාතනය සිදු කළ බවට සැකකරන වයස අවුරුදු 43ක් වන සැකකරු ඝාතනයට ලක්වු පුද්ගලයින්ගේ නිවස ආසන්න නිවසක පදිංචි බවට හඳුනාගෙන ඇත.

කෙසේවෙතත් ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. 

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කරන්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments