යතුරු පැදියක් පණ ගැන්වීමට තල්ලු කරමින් දිව විත් එයට නැගිමට උත්සහ කළ තිදරු පියෙකු මාර්ගයේ දැව ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයකට යටවී එම ස්ථානයේදී මරණයට පත්ව ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ වෙන්නප්පුව දුම්මල දෙනිය ප්‍රදේයේ පදිංචි 51 හැවිරිදි රතුගමගේ අශෝර් රවි පුනාන්දු පැස්සුම් ශිල්පියකු ලෙස රැකියාව කරමින් සිටි පුද්ගලයකු බව කියයි.
අදාල තැනැත්තා පැස්සුම් ශිල්පියකු වන අතර ඔහු භාවිතා කරන යතුරු පැදිය පණ ගැන්වීමට යොදා ගන්නා කික් පැඩලය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් තල්ලු කරමින් එය පණ ගැන්වීමට හුරුව තිබී ඇත.
එලෙසම යතුරු පැදිය පණ ගැන්වීමට ඊයේ (23) සවස තල්ලු කරමින් සිටියදී නොසිතු ලෙස පාලනයෙන් ගිලිහි ගොස් යතුරු පැදිය එක් දිශාවකටත් තිදරු පියා මාර්ගයෙ ගමන් කරමින් තිබු දැව ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයකට යටවී මරණයට පත්ව ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.
Please Wait
You will be redirected automatically in 7 seconds...
If you are not redirected, click here
Redirecting in 7 seconds... Click here if not redirected

0 Comments