Hot Posts

6/recent/ticker-posts

පාර්ලිමේන්තු ආ ජනපතිගෙන් විපක්ෂයට සැර ප්‍රකාශයක්


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියේය.

මේ වනවිට ජනාධිපතිවරයා සභාව අමතමින් සිටී.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, විපක්ෂය විසින් ආර්ථිකයේ බිඳ වැටීම සම්බන්ධයෙන් ව්‍යවසනකාරී සිහිනයක් දකින බවත් එම විනාශකාරී සිහිනය කිසිදු දිනක ඉටුනොවන බවත්ය. 

"මේ බිඳ වැටීම අපේක්ෂා කළා ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද ගැටුම් ඇති වුණාට පස්සේ නිරන්තර මාධ්‍ය සාකච්ඡා පවත්වන මහත්වරු කොළඹට බෝම්බ දායි කියලා අපේක්ෂා කළා. ඒ වෙලාවේත් අපේ හමුදාපතිවරු හිටියේ පාකිස්තානයේ. නමුත් මෙහෙ විපක්ෂය අපේක්ෂා කළා කොළඹට බෝම්බ දායි කියලා. ඒක ප්‍රාර්ථනාවක්. ඊට පස්සේ ඊශ්‍රායලය සහ ඉරානය අතර ජාත්‍යන්තර මට්ටමේ යුද්ධයක් පටන් ගත්තාට පස්සේ දැන් බිඳවැටෙයි කියලා. ඒක වුණේ නෑ. ඊළඟ විශාලම අපේක්ෂාව වුණේ අමෙරිකානු බදු ප්‍රතිපත්තිය මඟින් අපේ ආර්ථිකය බිඳ වැටේවි කියලා. 

ඒ නිසා තමුන්නාන්සේලා අපේ ආර්ථිකයේ ව්‍යසනයක් ඇති වේවි කියා කුරිරු සිහිනයක් දකිනවා. ඒ විනාශකාරී සිහිනය සැබෑ වෙන්නේ නෑ. ඒක විතරක් තියලා තියා ගන්න. දේශපාලනය වෙන රාමුවකින් කරන්න පටන් ගන්න. ඔය රාමුව වැරදියි. අගෝස්තු ජනාධිපති කෙනෙක් හිටියා නේද පාර්ලිමේන්තුවේත් නෑ..."

විඩියෝව පහළින්,




Post a Comment

0 Comments