Hot Posts

6/recent/ticker-posts

ජිවිත 73 ක් අහිමි කල බිහිසුනු බස් අනතුරක්....



ඇෆ්ගනිස්තානයේ බටහිර හෙරාත් පළාතේදී බස් රථයක්, ට්‍රක් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයන් 73 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..

මියගිය අය අතර ළමුන් 17 දෙනෙකු ද වන අතර, ඔවුන්ගෙන් බහුතරය ඉරානයේ සිට පිටුවහල් කරනු ලැබූ ඇෆ්ගන් සරණාගතයන් පිරිසක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ..

හෙරාත් පළාතේ තලේබාන් තොරතුරු හා සංස්කෘතික අධ්‍යක්ෂ අහමදුල්ලා මුටාකි පැවසුවේ, මෙම අනතුර ඊයේ (19) රාත්‍රියේ සිදුවූ බවයි..

බස් රථය කාබුල් නුවර බලා ගමන් කරමින් තිබූ අතර, අනතුරෙන් පසු ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා..

බස් රථයේ සිටි සියලු දෙනාම මියගොස් ඇති අතර, අනෙක් වාහන දෙකේ සිටි තවත් දෙදෙනෙකුද මරණයට පත්ව ඇති බවයි සඳහන් වෙන්නේ..

හෙරාත් පොලිසිය ප්‍රකාශ කළේ, බස් රථ රියදුරාගේ "අධික වේගය සහ නොසැලකිල්ල" අනතුරට හේතුව බවයි..

මෑත මාසවලදී ඉරානය විසින් නීති විරෝධී ලෙස රට තුළ රැඳී සිටි ඇෆ්ගන් සංක්‍රමණිකයන් විශාල පිරිසක් බලහත්කාරයෙන් පිටුවහල් කිරීම සිදු කරමින් සිටින අතර මෙම අනතුරට ලක්වූවන්ද ඒ ආකාරයෙන් පිටුවහල් කරනු ලැබූ පිරිසක් බවයි වාර්තා වෙන්නේ..

දශක ගණනාවක් පුරා පැවති ගැටුම් හේතුවෙන් මාර්ග පද්ධතිය දුර්වල වී ඇති අතර, රියදුරන් නීති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා ඇෆ්ගනිස්තානයේ රිය අනතුරු බහුලව සිදුවන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ..

විඩියෝව බලන්න - 








#afganistanbusaccident #ceylonlensnews

Post a Comment

0 Comments