Hot Posts

6/recent/ticker-posts

හම්බෙගමුවේ වාඩියක තිබී කෝටි තුනක ගංජා මාට්ටු


හම්බේගමුව පොලිසිය මඟින් උඩවලව රක්ෂිතයේ වාඩියක ගබඩාවක තිබී රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් වියළි ගංජා කිලෝ 582ක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උඩවලව රක්ෂිතයේ ගොමගලයාය මායිමට ආසන්නයේ සිදු කළ වැටලීමකදී හේනක වාඩියක ගබඩාවේ තිබී මෙම ගංජා තොගය සොයාගෙන තිබෙනවා.

එහි සිටි සෙවනගල සහ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 50 සහ 52 යන වියෙහි පසුවන දෙදෙනෙකු පොලීසිය භාරයට ගෙන තිබුණා.

සැකකරුවන් කළක සිට ගංජා වගා කිරීම සහ අළෙවි කිරීම සිදු කර ඇති අතර පොලිසිය පැමිණෙන අවස්ථාවේදී ගංජා අස්වැන්න නෙලා වියළා අලෙවි කිරීමට සූදානම් කරමින් සිට තිබූ බවයි වාර්තා වන්නේ.

හම්බේගමුව පොලීසියේ 20 දෙනකුගෙන් සමන්විත නිලධාරීන් කණ්ඩායමක් අති දුෂ්කර ගමනකින් පසුව ගංජා තිබූ ස්ථානයට ලඟාවී වැටලීම සිදුකර තිබුණා.

මොනරාගල නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූවගේ උපදෙස් මත මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.එම්.එස්.බී වික්‍රමසිංහගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී බී.යූ.ඊ මානියම්ගමගේ මෙහෙයවීම යටතේ හම්බේගමුව පොලිස් ස්ථානාධිපති තුෂාර සම්පත් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම‍ සිදුකර තිබෙනවා.

සැකකරුවන් සහ නඩු භාණ්ඩ අද (08) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවයි.

Post a Comment

0 Comments