Hot Posts

6/recent/ticker-posts

පෞද්ගලික ආරවුල මරණයෙන් කෙළවර වෙයි


🚨 Breaking News

දිවුලපිටිය ඝාතනය: තිදෙනෙකුගේ පහරදීමකින් 46 හැවිරිදි පුද්ගලයෙකු මිය යන්න

දිවුලපිටිය ගම්පහ 📅 අගෝස්තු 17, 2025 | 🕒 නවතම පුවත

දිවුලපිටිය දූනගහ ප්‍රදේශයේ දී තිදෙනෙකු එක්ව කළ පහරදීමකින් 46 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම පහර දීම සිදු කර ඇති අතර පිහියකින් සහ පොලුවලින් පහර දී ඔහුව ඝාතනය කර ඇති බව වාර්තා වේ.

පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ගම්පහ දිස්ත්‍රික් රෝහලට මාරුකර යවා ඇති අතර එහිදී ඔහු මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 46ක් වන මඩම්පැල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

දිවුලපිටිය පොලීසිය විසින් සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහ කණ්ඩායමක් යොදා ඇති අතර වැඩිදුර විමර්ශන සිදු කරයි.

ප්‍රධාන වදන්: දිවුලපිටිය ඝාතනය, දූනගහ, පහරදීම, පිහිය, පොලුව, ගම්පහ, මඩම්පැල, පොලීසිය, අත්අඩංගුව, විමර්ශන

Post a Comment

0 Comments