Hot Posts

6/recent/ticker-posts

උසාවිය ළඟ දී පොලිස් නිලධාරියෙකුට තුවාල කළ සැකකරු පොලිස් අත්අඩංගුවට


කොටුව මහෙස්ත්‍රාත් අචධිකරණය අසල පැවති විරෝධතාවයක දී පොලිස් නිලධාරියෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 26 වන දා රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට බෝතලයකින් පහර දී තුවාල සිදුකිරීම හා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීමට අදාළව එම සැකකරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කළුතර දී මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ ඊයේ (27) අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන කොම්පඤ්ඤවීදිය පොලීසිය වෙත ඉදිරිපත් කළ බවය.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 52 හැවිරිදි නාගොඩ, කළුතර ප්‍රදේශයේ පදිංචි හිටපු නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකි.

සැකකරු අද (28) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කොම්පඤ්ඤවීදිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected automatically, click here.

Post a Comment

0 Comments