Hot Posts

6/recent/ticker-posts

ඉල්ලීම් වෙනුවෙන් ජනපති ⁣ලේකම් කාර්යාලය අසල ගුරුවරු රැය පහන් කරයි


ගුරුවරුන් පිරිසක් ජනාධිපති ⁣ලේකම් කාර්යාලය අසල පදික වේදිකාවේ රැඳීසිටිමින් රැය පහන්කරමින් සිටින බව "අද දෙරණ" වාර්තාකරු පැවසීය.

ඔවුන් එලෙස රැඳී සිටින්නේ, තම සාධාරණ ඉල්ලීම ජනපතිවරයාගේ අවධානයට ලක්වනතුරු බව ඔවුන් පවසයි.

ඒ ගුරුවරුන් සේවය කරන පාසලටම ඔවුන්ගේ දරුවන් ඇතුළත් කර දෙන ලෙස ඉල්ලමින්ය.

ඔවුන් අද දහවල් කාලයේ පාගමනකින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබුණි. 

ගුරු දරුවෝ එකමුතුව විසින් මෙම පාගමන සංවිධානය කර තිබුණි. 

#srilankanews #sinhalanews #ceylonlensnews

Post a Comment

0 Comments