යුරෝපයේ හා උතුරු අප්‍රිකානු රටවලට ආවේනික පක්ෂියකු වන සත්ව විද්‍යාත්මකව Numenium tenuirostris හෙවත් හීන්තුඩු කලිත්තා (Slender-billed Curlew) ලෙස හඳුන්වන පක්ෂී විශේෂය 2024 වසරේ නොවැම්බර් මාසයේ සිට ගෝලීය වශයෙන් වඳවී වී ගොස් ඇතැයි නවතම විද්‍යාත්මක වාර් තාවක් මගින් අනාවරණය කර තිබේ.
බටහිර සයිබීරියාවේ, වගුරු බිම් ආශ්‍රිතව බෝ වී, ශීත සෘතුව මධ්‍යධරණී මුහුද අවට ගත කරන මෙම සංක්‍රමණික පක්ෂී විශේෂය,අවසන් වරට වාර්තා වී ඇත්තේ 1995 වසරේදී පෙබරවාරි මාසයේ මොරොක්කෝවෙන් බව මෙම විද්‍යාත්මක වාර්තාව මගින් අනාවරණය කර ඇත.
Numenium tenuirostris හෙවත් හීන්තුඩු කලිත්තා (Slender-billed Curlew)යුරෝපය, උතුරැ අප්‍රිකාව හා බටහිර ආසියාවෙ භූමි ප්‍රදේශයන්ගෙන් වාර්ථා වන ප්‍රථම ගෝලීය පක්ෂී වදවී යාම බව ලෝක සංරක්ෂන සංවිධානය (IUCN) පෙන්වා දී තිබේ.
ලෝක සංරක්ෂණ සංවිධානයේ (IUCN) රතු දත්ත ලැයිස්තුවට අනුව තර් ජනයට ලක්ව ඇති පක්ෂි විශේෂ 11000කට වැඩි ගනනකින් පක්ෂි විශේෂ 164 ක් මේ වන විට වඳවී ගොස් ඇති බවත් ලෝක සංරක්ෂන සංවිධානය පවසයි. ඔවුන් තව දුරටත් පවසන්නේ වෙරළාශ්‍රිතව ජීවත්වන තවත් පක්ෂී විශේෂ 16ක් දැඩි තර් ජනයකට ලක්ව ඇති පක්ෂී විශේෂ ලෙස, මේ වන විට හදුනාගෙන ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රතු දත්ත වාර්ථාව සකසන ආර්.එස්.ජී. බී හා බර්ඩ් ලයිෆ් (R.S.P.B./ Bird life )ආයතනයේ ප්‍රධානී නිකොලා ක්‍රොක්ගොඩ් මහතා පවසන්නේ මෙය ස්වභාවික සංරක්ෂණ සම්බන්ධයෙන් ලෝකය මුහුන දුන් අතිශය වේදනාත්මක හා අතිමූලික විනාශකාරී කථාවන්ගෙන් එකක් බවයි.
සාපේක්ෂව ලෝකයේ ධනවත්ම සහ හැකියාවෙන් පුර්ණ යුරෝපයටත් මේ සතුන්ගේ ආරක්ෂාව තහවුරැ කරන්න බැරි වුනා නම්, යුරෝපයෙන් පිට ලෝකයේ අනෙක් රටවල මේ සතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපට දිය හැකි සහතිකය කුමක්ද ? '' ඒ මහතා ප්‍රශ්ණ කර තිබේ.
කාර් මීකරණය හරහා සිදුව ඇති පරිසර දුෂණය, හා ගෝලීය දේශගුණ විපර් යාස මෙම පක්ෂී විශේෂය ලොවෙන් වදවී යාමට ප්‍රධාන හේතුව බව පරිසර විද්‍යාඥයින්ගේ අදහස වී තිබේ.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected automatically, click here.
0 Comments