Hot Posts

6/recent/ticker-posts

රනිල් ගැන ජාත්‍යන්තරයේ මතය කැබිනට් හමුවේදී රටට කියූ විජිත


කිසිදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හෝ  රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සංවිධානයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධයක් දක්වා නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අද (27) පැවැති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව පැවසීය.

විවිධ පුද්ගලයින් විවිධ ප්‍රකාශ සිදුකර ඇති බවද සඳහන් කළ අමාත්‍යවරයා ඒවා සැලකියයුතු කාරණා නොවන බවද සඳහන් කළේය.

මෙරට තුළ නීතිය එකහා සමානව ක්‍රියාත්මක වෙන බවට ජාත්‍යන්තරය මේ වනවිට නිරීක්ෂණය කරමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

පසුගිය කාලසීමාවේදී ශ්‍රී ලංකාව තුළ නීතිය නිසිපරිදි ක්‍රියාත්මක නොවන බවට ප්‍රකාශ කළද වර්තමානයේ එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන බවද ඔහු සඳහන් කළේය.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected automatically, click here.

Post a Comment

0 Comments