නාවලපිටිය සුපිරි වෙළද සංකීරණයේ දෙවන මහලේ පවත්වා ගෙන යනු ලබන රභාණ්ඩ අලවිය හා රන් උකස් මධ්‍යස්ථානයක් බිඳ ලක්ෂ 35කට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ හා උපකරණ සොරාගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හරේන්ද්‍ර කළුගම්පිටිය මහතා පැවසීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය පොලිසියේ ලියාපදිංචි අපරාධකරුවන්ගේ නාම ලේඛනයට ඇතුළත් සැකකරුවෙකි.
නාවලපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ මල් ශාලාවක රියදුරුකු වශයෙන් රැකියාව කර ඇති මෙම සැකකරු, මත්ද්‍රව්‍ය හා මුදලට ඔටු දැමීම (ශර්ස් බයි) සඳහා තදින් ඇබිබැහි වූවකු බවයි පොලිසිය කියා සිටියේ.
ගිකිණි පොහොය දින අලුයම් කාලයේ සැකකරු අදාළ රන් භාණ්ඩ වෙළඳසැල බිඳ එහි තිබු රන්භාණ්ඩ, නවීන පන්නේ ජංගම දුරකථනයක්, ලැප්ටොප් පරිගණකයක් ඇතුළු ලක්ෂ 35කට ආසන්න වටිනාකමකින් යුත් විද්‍යුත් භාණ්ඩ සහ රන් භාණ්ඩ සොරාගෙන නාවලපිටිය හෝල්ගම ප්‍රදේශයේ පදිංචි ඔහු සමග මල් ශාලාවේ රැකියාවේ ගියුතු මිතුරකුගේ හිවසට ගොස් අනතුරුව එම මිතුරා සමග ආපසු වෙළද සැල වෙත පැමිණ එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත ගබඩාව ගලවා රැගෙන ගොස් නාවලපිටිය බව්වාගම ප්‍රදේශයේදී මහවැලි ගගට විසිකර ඇත.
පසුව සැකකරුවන් තවත් මල්ලද ප්‍රදේශයේ පදිංචි මිතුරෙකු සමග එකතුව සොරා ගන්නා ලද රන් භාණ්ඩ කහටගස් දිගිලිය මිහින්තලේ, මහනුවර, ගම්පොළ, ගිනිගත්තේන සහ නාවලපිටිය යන නගරවල පිහිටි උකස් මධ්‍යස්ථානවල උකස් කර මුදල් ලබාගෙන තිබුණි.
ප්‍රධාන සැකකරු විසින් එසේ ලබා ගත් මුදල් වලින් සැකකරුවන් ලක්ෂ 5ක් පමණ වටිනාකමින් යුතු භාවිත කරන ලද යතුරු පැදියක් ද මිලදී ගෙන ඇත.එසේම ලබාගත් මුදල් වලින් අනිකුත් සැකකරුවන් දෙදෙනාට ප්‍රධාන සැකකරු මුදල් ලබාදී ඉතිරි මුදල් වලින් මත්පැන් පානය කිරීම, සම්බානන මධ්‍යස්ථාන වලට යෑම සහ ඔහුගේ අනියම් බිරිඳට මුදල් ලබාදී ඇති බව පොලිසිය විසින් සිදු කරන ලද මුලික පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.
මෙම සොරකම සමබන්ධයෙන් පොලිසියට පැමිණිලි ලැබීමත් සමග සිදු කරන ලද පුළුල් විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් හඳුනා ගැනීමට හැකි වූ බවත්, පසුගිය මාස තුන තුළ නාවලපිටිය නගරයේ කෝවිල් ඇතුළු පුජණීය ස්ථානය වෙළඳසල් සහ ගිවාස බිඳ සොරකම් කිරීමේ සිද්ධීන් ගණණාවකට ප්‍රධාන සැකකරු සහ දෙවන සැකකරුගේ සම්බන්ධතාවයක් ඇති බව අනාවරණය වී ඇති බවයි නාවලපිටිය පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති උපො.ප. සුරේෂ් ධනවර්දන මහතා කියා සිටියේ.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected
0 Comments