මහනුවර ජාතික රෝහල සතු ඉඩම් අක්කර 58න් අක්කර 28ක්ම අනවසර පදිංචිකරුවන් අත්පත්කරගෙන ඇතැයි එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.
මෙම ඉඩම්වල ගොඩනැගිලි ඉදිකිරීම දිගින් දිගටම සිදුවන අතර ඒ හේතුවෙන් රෝහල් කටයුතු පවත්වාගෙන යෑමේදී දැඩි දුෂ්කරතා මතුව ඇති බව ඇය සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ දෙවැනි ප්‍රධානතම ජාතික රෝහල වන මහනුවර ජාතික රෝහල ශික්ෂණ රෝහලක් ලෙසද ප්‍රචලිතය.
එහි වාට්ටු 80ක්, දැඩි සත්කාර ඒකක 11ක් සහ අනෙකුත් ප්‍රතිකාර ඒකක ස්ථාපිත කර තිබේ.
දිවයිනේ නන්දෙසින් පැමිණෙන විශාල රෝගීන් ප්‍රමාණයක් දෛනිකව ප්‍රතිකාර ලබාගන්නා මෙම රෝහල තවත් දියුණු කළ හැකිවුවත් ඊට බාධා මතුව ඇත.
ඒ රෝහල සතු ඉඩම්වල පුද්ගලයින් අනවසරයෙන් පදිංචි වී සිටීම හේතුවෙනි.
රෝහල සතු ඉඩම්වල නිවාස, වෙළෙඳසැල් සහ ගොඩනැගිලි ඉදිකර ඇති අතර තවදුරටත් එවැනි ඉදිකිරීම් ද ඉදිවෙමින් පවතියි.
එවැනි තත්ත්වයක් තුළ රෝහල් කටයුතු පවත්වාගෙන යෑමේදී මතුව ඇත්තේ දැඩි දුෂ්කරතාවන් ය.
එමෙන්ම වෙළෙඳසැල්, මල්ශාලා, යතුරුපැදි ගාල්කිරීම නිසා මහනුවර ජාතික රෝහලට පිවිසෙන මාර්ගය පවා අවහිර වී තිබේ.
ඒ හේතුවෙන් සිදුව ඇත්තේ අසාධ්‍ය රෝගියෙකු කඩිනමින් රෝහල වෙත රැගෙන ඒමට පවා නොහැකි තත්ත්වයකි.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments