ඉන්දුනීසියාවේ ජකර්තා හිදී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස රැගත් ගුවන් යානය මීට සුළු මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වී තිබේ.
පැය කිහිපයක ප්‍රමාදයකින් අනතුරුව අද (30) පස්වරු 3.30ට පමණ ජකර්තා අගනුවරින් පිටත් වූ ගුවන් යානය රාත්‍රී 7.20ට පමණ ගුවන් තොටුපොළ වෙත ළඟා වී ඇත.
මේ වන විට කටුනායක ගුවන් තොටුපොළ තුළත් ඉන් පිටත ප්‍රදේශයේත් දැඩි ආරක්ෂාවක් යොදවා ඇතැයිද "අද දෙරණ" වාර්තාකරු පැවසීය.
මේ වන විට මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සදහා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, පොලිස් මාධ්‍ය ප්‍රකාශක වුඩ්ලර් යන මහත්වරුන් ඇතුළු පොලිස් විශේෂ කාර්යය බළකායේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
ඔවුන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මහින්ද ජයසුන්දර යන නිලධාරීන් දෙදෙනා විසින් ඉන්දුනීසියාවේ විශේෂ පොලිස් කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments