ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 05 දෙනා හෙට (31) දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබේ.
ඔවුන් රැගෙන ඒම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් අද (30) දිවයිනෙන් පිටව ගිය බව වාර්තා වෙයි.
ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පසුගියදා කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් පස්දෙනෙකු එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙරටින් ගිය සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු වන රොහාන් ඕලුගල හා මහින්ද ජයසුන්දර යන මහත්වරුන් එරට පොලිසිය සමග එක්ව සිදුකළ මෙහෙයුමකදීය.
එහිදී කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් අත්අඩංගුවට පත්විය.
එම මෙහෙයුමේදී අත්අඩංගුවට පත් වූ බැකෝ සමන් නැමැත්තාගේ බිරිය හා දරුවාව අනතුරුව නිදහස් කෙරුණු අතර ඔවුන්ව නැවත මෙරටට එවීමට එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කර තිබුණි.
ඒ අනුව ඊයේ පස්වරුවේ මෙරටට පැමිණි බැකෝ සමන්ගේ බිරිඳ සහ දරුවාව කටුනායක ගුවන්තොටුපොළෙහෙි පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒකකය මගින් සියභාරයට ගෙන මූලික ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.
අනතුරුව ඊයේ රාත්‍රී 10ට පමණ ඇය සහ දරුවා කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන එනු ලැබීය.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ කාන්තාව මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සෘජූ සබඳතා පැවැත්වීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගත් බවය.
ඇයගෙන් අදාළ ජාවාරම්කරුවන් පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණ කරගැනිම සඳහා මේවන විටත් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වෙයි.
එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඇය පවසා ඇත්තේ, තමන් 2023 වසරේදී ඩුබායි රාජ්‍යය බලා ගිය බවය.
එහි කළක් රැඳීසිටීමෙන් පසුව පසුගිය ජූලි මාසයේදී ඉන්දුනීසියාවට පැමිණි බවත් ඇය ප්‍රකාශ කර තිබුණි.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments