Hot Posts

6/recent/ticker-posts

මේ වසරේ මේ දක්වා වෙඩි තැබීම් 89 ක්


මෙම වසරේ මේ දක්වා දිවයින පුරා වෙඩි තැබීම් 89 ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. මේ වන විට පුද්ගලයන් 48 කු මියගොස් තවත් පුද්ගලයන් 50ක් පමණ තුවාල ලබා ඇත.

ඊයේ (27) රාත්‍රී පානදුර දකුණ පොලිස් වසමින් සිදු වූ වෙඩි තැබීමත් සමඟම පානදුර පොලිස් කොට්ඨාසයේ මෙම වසරේ මේ දක්වා පානදුර දකුණ, හිරණ, පින්වත්ත සහ බණ්ඩාරගම යන පොලිස් වසම්වලින් වෙඩි තැබීම් 07 ක් වාර්තා වී පුද්ගල මරණ 3 ක් සිදු වී ඇත.එම වෙඩි තැබීම් හතෙන් පහක් කුඩු සළිඳු පාර්ශ්වය විසින් නිලංග පාර්ශ්වය වෙත එල්ල කර ඇති අතර එමගින් පුද්ගල මරණ තුනක් සිදුව ඇත. නිලංගගේ පාර්ශ්වය විසින් කුඩු සළිඳු පාර්ශ්වයට වෙඩි තැබීම් දෙකක් සිදු කර ඇත.

ඊයේ (27) රාත්‍රී කුඩු සළිඳුගේ පාර්ශවය විසින් ඝාතනයට ලක් කරන ලද්දේ ඉන්දුනීසියාවේ ජාකාරතා නුවරදී පොලිස් අත්අඩංගුවට පත් වූ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු නිලංකගේ මාමණ්ඩියයි.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් පානදුර කුඩු සළිඳු, පානදුර නිලංක බඩෝ විට අසංක, කොස් මල්ලි, දෙහි බොලේ මල්ලි, දෙහිවල සැන්ඩෝ, ගාල්ලේ විදුර, කොස්ගොඩ සුජී, ලොකු පැටි, කෙහෙල්බද්දර පත්මේ, ලලිත් කන්නන්ගර නොහොත් බස් ලලි නමැත්තාගේ සමීපතමයන් හා ඝාතනයට ලක් වූ ගනේ මුල්ලේ සංජීවගේ සමීපතමයන් විසින් මෙම වෙඩි තැබීම් සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.
Redirecting...

Please Wait...

You will be redirected automatically in:
5

Post a Comment

0 Comments