Hot Posts

6/recent/ticker-posts

රුපියල් 200ක අල්ලසක් ගත් වේලා සටහන්කරුවෙකු අත්අඩංගුවට


බොරැල්ල, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ වේලා සටහන්කරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු පුද්ගලික බස් රථයේ ධාවන සටහන් පත්‍රය අත්සන් කර ධාවන වේලාවක් සකස් කර දීම සඳහා සහ නියමිත ගමන්වාර සියල්ල ලබා දීම සඳහා එක් ගමන් වාරයකට රු.200/- (රුපියල් දෙසීයක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි කොන්දොස්තරවරයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව කඩුවෙල බස් නැවතුම් පොළේ දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


#srilankanews #sinhalanews #ceylonlensnews


Post a Comment

0 Comments