මෙරට ධනවත්ම පුද්ගලයා ලෙස, මෙරට ප්රමුඛ පෙළේ සමාගම් කිහිපයක සභාපතිවරයකු වන ව්යාපාරික ඉෂාර නානායක්කාර මහතා පත් වී ඇති බව Gulf News වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
මේ අතර, ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස පෙරමුණේ රැඳී සිටින්නේ, රිලයන්ස් ඉන්ඩස්ට්රීස් හි සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ මුකේෂ් අම්බානි වන අතර, ඔහු ඩොලර් බිලියන 118ක ඇස්තමේන්තුගත වත්කමකට හිමිකම් කියනවා.
එසේම, ඩොලර් බිලියන 13.5ක වත්කමකට හිමිකම් කියන පාකිස්තාන ජාතික ෂාහිඩ් ඛාන්, ඩොලර් බිලියන 12ක වත්කම් සහිත බංග්ලාදේශයේ මොසා බින් ෂම්ෂර්, ඩොලර් බිලියන 1.6ක වත්කමකට හිමිකම් කියන නේපාලයේ බිනෝද් චෞද්රි සහ ශ්රී ලංකාවේ ඉෂාර නානායක්කාර යන මහත්වරුන් දකුණු ආසියාවේ ධනවතුන් අතර පෙරමුණේ රැඳී සිටින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
#srilankanews #isharananayakkara #sinhalanews #lka #ceylonlens

0 Comments