Hot Posts

6/recent/ticker-posts

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ගැන පුළුල් විමර්ශනයක්


කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ගැන පුළුල් විමර්ශනයක් සිදු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ කටුනායක ගුවන්තොටුපොළේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එමෙන්ම එහිදී ඔහු සඳහන් කර සිටියේ මෙම සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ වර්ධනය වූයේ දේශපාලඥයන්ගේ ආශිර්වාදය සහිතව බවය.

එමෙන්ම පාතාල අපරාධවලට තවදුරටත් මේ රටේ ජනතාව පීඩාවට පත් කිරීමට ඉඩ නොදෙන බවත් එය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට දැන් කාලය එළැඹ ඇති බවත් එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය. 

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments