Hot Posts

6/recent/ticker-posts

තියුණු ආයුධයකින් කාන්තාවක් ඝාතනය කරයි


හබරාදුව - අමුකොටුව ප්‍රදේශයේදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් වූ පිලාන, අඟුලුගහ ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හබරාදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments