Hot Posts

6/recent/ticker-posts

ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

 


ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට එළැඹෙන 14 වැනිදා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව පෙරවරු 10.00 සිට පස්වරු 08.00 දක්වා පැය 10ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සඳහන් වේ.

නිට්ටඹුව කන්ද හේන, මාපගොල්ල, ලෝංගස්දෙනිය, පින්නගොල්ලවත්ත, කෝලවත්ත, ගොරකදෙනිය රණ්පොකුනගම, රණ් පොකුනගම නිවාස යෝජනා ක්‍රමය, බටලීය, අත්තනගල්ල, පස්යාල, ඌරාපොල, දික්කන්ද, මීවිටිගම්මන, මාඉඹුල, මාතලාන, භග්ගල්ල, අලවල, කලල්පිටිය, ඇල්ලමුල්ල. යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවනු ඇත.

ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදු වන අපහසුතාවය පිළිබදව මණ්ඩලය සිය කණගාටුව පල කර සිටියි.


#srilankanews #watercutgampaha #ceylonlensnews

Post a Comment

0 Comments