Hot Posts

6/recent/ticker-posts

විල්පත්තුවේ ගැබ්බර මුවන් මරා දැමූ තිරිසනුන් කොටු වූ හැටි




විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ගැබ්බර මුවදෙනකු වෙඩිතබා මරාදැමූ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට | Ceylon Lens News

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ගැබ්බර මුවදෙනකු වෙඩිතබා මරාදැමූ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට

විල්පත්තුව ජාතික වනෝද්‍යානය - වනජීවි නිලධාරීන්
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වනජීවි නිලධාරීන් (ඡායාරූපය: Ceylon Lens News)

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් කුකුල්කටුව බිට්ටු වනජීවි කලාපයේ ගැබ්බර මුවදෙනකු වෙඩිතබා මරාදැමූ සැකකරුවන් පස්දෙනෙකු වනජීවි නිලධාරීන් විසින් අද (28) අලුයම සිය භාරයට ගෙන තිබේ.

මෙලෙස භාරයට ගෙන ඇත්තේ රණෝරාව, නොච්චියාගම, අනුරාධපුර ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 31,40 හා 52 යන වයස් සීමාවන්වල පදිංචි පිරිසක්ය.

මුලික විස්තර:

  • සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට
  • ගැබ්බර මුවදෙනකු වෙඩිතබා මරාදැමීම
  • කුකුල්කටුව බිට්ටු වනජීවි කලාපයේ සිදුවීම
  • වෙඩිඅවියක් සහ යතුරුපැදි 2ක් අත්තැන්නට
  • රණෝරාව, නොච්චියාගම, අනුරාධපුර ප්‍රදේශවාසීන්

වෙඩිඅවිය හා යතුරුපැදි අත්තැන්නට

මෙම වෙඩිතැබීමට යොදාගත් ගිනිඅවිය හා ඔවුන් පැමිණි යතුරුපැදි 2ක්ද වනජීවි නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ.

නියඟයත් සමග වන සතුන් මරා මස් ජාවාරම

නියඟයත් සමග ජලය සොයා රාත්‍රී කාලවලදී වනෝද්‍යානයට තුළ සැරිසරන වන සතුන් මරා මස් පිණිස අලෙවිකිරීමේ ජාවාරමක මෙම පිරිස නිරන්තරයෙන් සිදුකර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ලද තොරතුරු මත මෙම වැටලීම සිදුකර ඇත.

"නියඟයත් සමග ජලය සොයා රාත්‍රී කාලවලදී වනෝද්‍යානයට තුළ සැරිසරන වන සතුන් මරා මස් පිණිස අලෙවිකිරීමේ ජාවාරමක මෙම පිරිස නිරන්තරයෙන් සිදුකර ඇත."

වනජීවි නිලධාරීන්ගේ වැඩසටහන

විල්පත්තුව ජාතික වනෝද්‍යාන භාරකරු ආර්. ඒ. ඩී. ඩී. සමරනායක මහතාගේ උපදෙස් මත කුකුල්කටුව අඩවි සහකාර කේ. පී. උදය කරුණානායක, වනසත්ව නියාමකයින් වන පී. යු.සඳරුවන්, ඩබ්ලියු. එස්. යු. කුමාර, ක්ෂේත්‍ර සහායක ධනුෂ්ක උදයංග, සිවිල් ආරක්ෂක නිලධාරීන් වන සේ. ඒ. දිසානායක, පී. එස්. දිසානායක, එච්. එම්. ඩී. අයි. හේරත්, බහුකාර්ය නියාමක කේ. ඒ.ඒ. ගුණසේකර, ආර්. පී. ඩී. ජේ. සෙනෙවිරත්න යන නිලධාරින් එක්ව මෙම වැටලීම සිදුකර තිබේ.

Redirecting...

You are being redirected...

If you are not redirected automatically, please click the link below:

Click here to continue

Redirecting...

Please Wait...

You will be redirected automatically in:
5

Post a Comment

0 Comments