Hot Posts

6/recent/ticker-posts

කොළමුණු ඔයෙන් කාලතුවක්කු උණ්ඩ තුනක් හමුවෙයි


කෝමිටියන පනාගමුව ප්‍රදේශයේ කොළමුණු ඔයේ තිබී කාලතුවක්කු උණ්ඩ තුනක් සොයාගත බව පොලීසිය කියයි.
පනාගමුව පාලම අසළ ඔය තුල විශාල උණ්ඩ තුනක් ඇති බවට කටුපොත පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් කල සොයා බැලීමකදී පනාගමුව පාලම අසල ඔයේ තිබියදී පොලිසිය විසින් එම උණ්ඩ සොයාගනු ලැබීය.

අනතුරුව පොලිසිය විසින් එම ස්ථානයට විශේෂ ආරක්ෂාවක් යොදවා මේ පිළිබඳව වාරිය පොල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ. පසුව එම උණ්ඩ නිශ්ක්‍රිය කිරීමට ලබාගත් අධිකරණ තීන්දුවකට අනුව පොලිස් විශේෂ කාර්‍ය බලකායේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට අද (03) පැමිණියහ.

විශේෂ කාර්‍ය බලකායේ බෝම්බ නිශ්ක්‍රිය අංශයේ නිලධාරීන් විසින් අදාළ උණ්ඩ තුන ගොඩට ගෙන පරීක්ෂා කිරීමේදී ඒවා කාලතුවක්කු උණ්ඩ බවට හඳුනා ගන්නා ලදී. ප්‍රමාණයෙන් විශාල එම උණ්ඩ එම ස්ථානයේ නිශ්ක්‍රිය කිරීමට නොහැකි බවින් ඒවා ආරක්ෂිතව රැගෙන යාමට එම නිලධාරීහු පියවර ගත්හ.

දිය තුල තිබීමෙන් දුර්වර්ණව තිබූ මෙම උණ්ඩ තුන කාලයකට පෙර කිසිවෙකු විසින් මෙම ස්ථානයට ගෙනැවිත් දමා ඇති බවට පොලිසිය සැක කරයි. මීට කාලකට පෙරත් මෙම ස්ථානයේදීම පුපුරණ ද්‍රව්‍ය සමග උණ්ඩ කීපයක් පොලිසිය විසින් සොයාගෙන තිබිණ.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments