Hot Posts

6/recent/ticker-posts

කුෂ් කිලෝ 8ක් කටුනායකදී අල්ලයි


කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 8යි ග්‍රෑම් 220ක් සමග ඉන්දීය ජාතික සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (02) රාත්‍රී කාලයේදී මෙම සැකකරුවන් ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ වැටලීම

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන්ට විසින් මෙම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔවුන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීම් දෙකකදීය.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය

එහිදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 04 ග්‍රෑම් 112ක් සහග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 04 ග්‍රෑම් 108ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන්ගේ විස්තර

සැකකරුවන් අවුරුදු 38 සහ 47 වයස්වල පසුවන ඉන්දියන් ජාතිකයන් බව වාර්තා වෙයි.

වැඩිදුර විමර්ශන

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Post a Comment

0 Comments