පයාගල ඇළගහවත්ත ප්‍රදේශයේ පොල් ගසක නින්ද ගිය අපේ ජන බල පක්‍ෂයේ කළුතර දිස්ත්‍රික් සංවිධාකයා බව කියැවෙන පුද්ගලයෙකු කළුතර කොට්ඨාස රථවාහන පොලිසි නිලධාරීන් සහ පයාගල පොලිසිය කළුතර මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය මැදිහත්ව බේරාගෙන තිබෙනවා.
අද (09) අලුයම දෙකට පමණ පයාගල පොලිස් වසමට අයත් පයාගල ඇළගහවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු බීමත්ව ඔහුට පවතින ආර්ථික ගැටලු සහ රටේ පවතින ගැටලු සම්බන්ධයෙන් විරෝධය පෑම සඳහා බීමත්ව පයාගල ඇළගහවත්ත ප්‍රදේශයේ වෙරළ ආසන්නයේ පිහිටි අඩි හතළිහක් පමණ උසැති පොල් ගසකට නැගීමෙන් අනතුරුව ඔහුට පොල් ගස උඩදි නින්ද ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
ඉන්පසුව එම පුද්ගලයා සෙවීමට ඔහුගේ මිත්‍රයින් පිරිසක් එම ස්ථානයේ ගැවසෙමින් සිටියදී ඔවුන් දැක ඇත්තේ මෙම පුද්ගලයා පොල් ගසක් මත නින්ද ගොස් ඇති බවයි.
එම ස්ථානයෙන් රාජකාරී ගමන් ගත් කළුතර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක් විසින් ඔවුන් මෙම පුද්ගලයා පොල් ගස මත සිටින බව පැවසීමත් සමගම එම පුද්ගලයා පොල්ගසෙන් ඇද වැටුණහොත් බරපතළ අනතුරක් සිදුවීමට ඇති බැවින් එම පොලිස් නිලධාරීන් දෙදෙනා වහාම පයාගල පොලිසිය දැනුවත්කර තිබෙනවා.
අනතුරුව කළුතර මහ නගර සභාවේ ගිරිනිවීම් රථයක් ගෙන්වා එම ගිනිවීම් නිලධාරීන්ගේ සහයෝගය ඇතිව පැයක පමණ මෙහෙයුමකින් පසුව ආරක්ෂිත ක්‍රම භාවිතා කරමින් මෙම පුද්ගලයා පොල් ගසින් බස්සවා තිබෙනවා.
මෙසේ පොල් ගස උඩට නැඟ ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඔහු අපේ ජන බල පක්‍ෂයේ කළුතර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායකයා බවයි.
ඉන්පසුව මෙම පුද්ගලයා පයාගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඔහු කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments