Hot Posts

6/recent/ticker-posts

විදුලි ගාස්තු ඉහළ යයිද..? මැතිසබයේදී ඒ ගැන ඇසුණු කතාව මෙන්න..

 විටින් විට විවිධ අවස්ථාවලදී විදුලි බිල ගැන අහන්න ලැබුණා.. අදත් ඒ ගැන අලුත් කතාවක් අහන්න ලැබුණේ පාර්ලිමේන්තුව පැත්තෙන්..

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය ලබන සතියේ ලැබුණු පසු මහජන අදහස් විමසා ඒ සම්බන්ධයෙන් තීරණය ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා..

මෙය මෙම වසරේ සිදු වන දෙවන විදුලි ගාස්තු සංශෝධනය වන අතර පසුගිය ජනවාරි මාසයේදී විදුලි ගාස්තුව සියයට 20 කින් පහත දැමීමටයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයට අවසර ලබා දුන්නේ..

කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා විදුලි ගාස්තු සංශෝධනය කරන ලෙස රජයට දැනුම් දී තිබුණා..

ඒ අනුව මෙවර සංශෝධනයේදී විදුලි ගාස්තු ඉහළ දමනු ඇති බවයි වාර්තා වන්නේ..

කෙසේ වෙතත්, මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙකු කියා සිටියේ ගාස්තු සංශෝධයට අදාළ යෝජනාවලිය ලබන සතියේ ලැබුණු පසු මහජන අදහස් විමසීමෙන් අනතුරුව කොමිසමේ අවසන් තීරණය ලබන මාසයේ හෝ ජූලි මාසයේ ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බවයි..

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් කතාබහක් මතු වී තිබෙන අවස්ථාවක, අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළා..

ඊට විදුලිබල අමාත්‍ය කුමාර ජයකොඩි සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පිළිතුරු ලබා දෙනු ලැබීය.




Post a Comment

0 Comments