ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඔහු ඇත්තෙන්ම නමක් දිනාගත් තරුවක්..
ඒ විතරක් නෙවෙයි ඔහුගේ ඒ ක්‍රීඩා විලාසයට ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නවා..
මේ කියන්න යන්නේ අන්න ඒ අයට නම් තරමක කණගාටුවක් ඇතිවෙන පුවතක්..
රෝහිත් ෂර්මා ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා...
ඔහු මේ වන විට ඉන්දීය ක්‍රිකට් නායකයා ලෙසත් කටයුතු කරනවා..
38 හැවිරිදි ඔහු තම වෘත්තීය ජීවිතයේ දෙවන භාගයේදී ඉන්දියාවේ වඩාත්ම සාර්ථක ටෙස්ට් පිතිකරුවා වූ අතර, ටෙස්ට් 67 කදී ශතක 12 ක් සහ අර්ධ ශතක 18 ක් සමඟින් ලකුණු 4301 ක් ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ..
රෝහිත් ඕස්ට්‍රේලියාවට එරෙහිව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට ඉන්දියාවට නායකත්වයද ලබා දී තිබෙනවා..
ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සටහනක් තබමින් මේ පිළිබඳව නිවේදනය කර තිබුණා..
“හැමෝටම ආයුබෝවන්, මම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව දැන්වීමට කැමතියි. සුදු ඇඳුමින් මගේ රට නියෝජනය කිරීමට ලැබීම ලොකු ගෞරවයක්. මේ වසර පුරාම ඔබ ලබා දුන් ආදරය සහ සහයෝගයට ස්තූතියි. කොහොම වුණත් මම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තත් එක්දින තරඟවලට සහභාගී වෙනවා.''

0 Comments