විල්පත්තු අභය භූමි කලාපය හරහා මීට පෙර යෝජනා කර තිබූ පරිදි අධිවේගී මාර්ගයක් ඉදි නොකිරීමට බලධාරීන් තීරණය කර ඇති බව නීතිපතිවරයා ඊයේ (07) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුමී දී තිබෙනවා.
එම අධිවේගී මාර්ගය ඉදි කිරීමට එරෙහිව පාරිසරික පදනම විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අවන්ති පෙරේරා මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.
එහිදී, අදාළ අධිවේගී මාර්ගය ඉදි නොකරන බවට රජයේ පාර්ශ්වය විසින් දැනුම්දීමෙන් අනතුරුව, අදාළ පෙත්සම සමථයට පත්කර ගැනීමට දෙපාර්ශ්වයම අධිකරණය හමුවේ එකඟ වී තිබෙනවා.
කෙසේ වෙතත්, මේ වන විට විල්පත්තු අභය භූමිය හරහා වැටී තිබෙන මාර්ගය වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ විධි විධානයන්ට යටත්ව පවත්වාගෙන යා හැකි බව අධිකරණය හමුවේ සඳහන් කෙරුණු අතර, ඒ අනුව මෙම සමථය සටහන් කරගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය අවසන් කිරීමට තීන්දු කර තිඛෙනවා.

0 Comments