Hot Posts

6/recent/ticker-posts

මුහුදේ දිය නෑමට ගිය විශ්‍රාමික දුම්රිය නිලධාරියෙකු දියවැලකට හසුවී ජීවිතක්ෂයට


බේරුවල, කිච්චිමලේ පල්ලිය ආසන්න මුහුදු තීරයේ දිය නෑමට ගිය විශ්‍රාමික දුම්රිය නිලධාරියෙකු දියවැලකට හසුවී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පයාගල, පහලගොඩ පදිංචිව සිටි 66 හැවිරිදි පහලගේ වසන්ත අබේගුණවර්ධන නැමැති අයෙක්.

පොලිසිය සඳහන් කළේ, අද උදෑසන දිය නෑම සඳහා මුහුදු වෙරළට පැමිණ ඇති මොහු, දිය නාමින් සිටියදී එකවරම දියවැලකට හසුවී අතුරුදන්ව ඇති අතර, අසල සිටි පුද්ගලයෙකු ඒ පිළිබඳ දැක ඔහු බේරා ගැනීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ වී ඇති බවයි.

අනතුරුව සුළු වේලාවකට පසු ඔහුගේ සිරුර වෙරළට ගොඩගසා ඇති අතර, 1990 සුවසැරිය ගිලන් රථ සේවයේ නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමේදී ඔහු ඒ වන විටත් මියගොස් සිටින බව තහවුරු වී තිබෙනවා.

එමෙන්ම, මියගිය පුද්ගලයාගේ සිරුර වැඩිදුර පරීක්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments